මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්

මාර් 27, 2020

    කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.

    කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ.

    සෙසු රටවලද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනාගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇත. විදේශගත සිසුන්, ව්‍යාපාරිකයින් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.

    මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුනට ද මේ රෝගය වැළඳීමේ අවදානමක් පවතී.

    එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ, කොන්සියුලර් ජනරාල් කර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙස මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටී.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 18:16

    Latest News