එංගලන්තයේ සිටි ලාංකිකයින් 278ක් දිවයිනට

ජූනි 07, 2020

    එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද (07) අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ඔවුන් පැමිණියේ එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිටයි. මගීන් පිරිස හා ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරුණ.

    මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක්, මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 09:21

    Latest News