ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 98ක් දිවයිනට

ජූනි 19, 2020

    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ලාංකිකයනි පිරිසක් අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් අතරින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් වේ. මේ අතර ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙක් ද චෙන්නායි නුවර සිට ඊයේ (18) රාත්‍රි මෙරටට පැමිණියේය.

    ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරිණ. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීහිපයක තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 09:49

    Latest News