එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදයට හා සමගියට සහය වන්න සුදානම් - කතානායක කරු (වීඩියෝ)

දෙසැ 04, 2019

    කථානායක කරුජයසුරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ මහානායකහිමියන් බැහ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    පළමුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබිබටුවාවෙ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා අතර පසුව අස්ගිරි මහා විහාරයට ගොස් අති පුජ්‍ය වරකාගොඩ ශ‍්‍රි ඤණරතන මහානාහිමියන් ද බැහැ දුටුවේය. මැණික්හින්න හුරික්ඩුව විද්‍යා සාගර පිරිවෙන වෙත ගොස් රාමඤ්ඤ නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද බැහ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    කථානයකතුමන් විසින් මහානායකහිමියන් සමග පැවත්වු සාකච්ඡාවන් මාධ්‍යයට විවෘත නොවු බව අප වාර්තකරු පවසයි.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබදව සැලකීමේදි එක්සත් ජාතික පක්ෂයේ එකමුතු ආරක්ෂා කරමින් කටයුතු කිරිමේ වැදගත්කම මහානායකහිමියන් විසින් අනුසාසනා කරමින් පෙන්වා දුන් බව කථනායක කරු ජයසුරිය මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.

    කතානායක කරු ජයසුරිය මහතා....

    එම අවවාද ද පිලිගන්නවා. පාර්ලිමේන්තුවේ කථානායක ලෙස දේශපාලනයේ කිරිමේ දි යම් යම් සිමා තිබෙනවා. ඒ පිලිබදව ද අවධානය යොමු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ එකමුතුකම සමගිය මෙන්ම විනය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන බවත් පැවසුවේ යැයි ඔහු කියා සිටියේය. පාර්ලිමෙන්තුවේ කථානායක ලෙස මැතිවරණයක් ඉදිරිපිට කටයුතු කරන බවත් මෙරට නිදහස් සාධාරන මැතිවරණයන් පැවත්විම සිදුවිය යුතු බවත් ඒ සදහා උපකාර කිරිම සිදුකරන බවත් කරු ජයසුරිය මහතා අවධාරනය කළේය.

    පසුගිය මැතිවරණය නිදහස් සාමකාමිව පැවත්වීමට ස්වාධින කොමිසමි සභා උදවි උපකාරිවු බව ද ඔහු කියා සිටියා. ඉදිරි මැතිවරණ ද ඒ ලෙසම පැවත්විමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවත් ඔවුන් යම් යම් යෝජනා ඉදිරිපත් කල බවත් ඒ පිලිබදව සහයෝගය ලබාදිම වැදගත් බවත් කරු ජයසුරිය මහතා පෙන්වා දුනී.

    එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනා ගැනිම සදහා අවධානය යොමු කරන්නේ ද යන්න විමසා සිටිමේ දි කියා සිටියේ කථානයක ලෙස දේශපාලනය සදහා ගැවි නොමැති බවයි. වර්තමාන රජයේ යහපත් කටයුතු සදහා අවශ්‍ය සහාය ලබාදෙන බවත් කියා සිටියේය.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 20:32

    Latest News