රන්ජන්ගේ හඬපට තවමත් ලැබී නැහැ; කතානායක යළි දැනුම් දෙයි

ජන 24, 2020

    පා.ම. රන්ජන් රාමනායක විසින් දුරකතන සංවාද ඇතුළත් හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැති බව කතානයකවරයා යළි දැනුම් දෙයි.

    මේ සම්බන්ධයෙන් ඊයේ (23) නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා කතානායකවරයාට ලබා දී නැති බවයි.

    හඬපට නිසා අපහසුතාවට පත්වූ පාර්ශවයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව පවසමින් පා.ම. රන්ජන් රාමනායක මහතා පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශක් සිදු කළේය. ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා පැවසුවේ මෙතෙක් ප්‍රසිද්ධ කළ හා නොකළ හඬ පට තමන් සභාගත කරන බවයි.

    Latest News