රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුරුව සිය නීතීඥවරුන් මාර් ගයෙන් අධිකරණයට බාරවී තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් අද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කළා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැත් ද? යන නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ලබන 13 වනදා කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට නොතීසි නිකුත් කළා.

ගෝල්ෆේස් පිටියේ සහ අරලියගහ මන්දිරය අසල පැවති උද්ඝෝෂණවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (15) ඇප මත මුදාහැරුණා.

ගාලු මුවදොර ගෝටාගෝ ගම සහ කොල්ලුපිටිය මයිනාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන්  පිරිසක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  හමුවට ඉදිරිපත් කළේය.

පසුගියදා අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම මෙම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළා.

Latest News