පා.ම. සනත් නිශාන්ත ඇතුළු 03කට ඇප....

ජූනි 15, 2022

    ගෝල්ෆේස් පිටියේ සහ අරලියගහ මන්දිරය අසල පැවති උද්ඝෝෂණවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (15) ඇප මත මුදාහැරුණා.

    ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකින්. එම සිද්ධියේම සැකකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ලබන 22වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.

    එමෙන්ම බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථානමාරු කරන ලෙසත්, ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, නීතිපතිවරයා කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

    Latest News