සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට

ජන 31, 2024

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

    2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාය.

    සෙසු සිව්දෙනා ලෙස ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන අය එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එල්.කේ ජගත් ප්‍රියංකර මහතා මනාප ඡන්ද 40,527ක් හිමිකර ගනිමින් මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයට පත්ව තිබිණි.

    ඒ අනුව සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැයිස්තුව අනුව පත්වීමට නියමිතව තිබූ ජගත් ප්‍රියංකරට මෙම මන්ත්‍රී ධුරය හිමිවූ බවයි වාර්තා වන්නේ.

    Latest News