සනත් නිශාන්ත අධිකරණයට බාරවේ.

ඔක් 13, 2022

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අනතුරුව සිය නීතීඥවරුන් මාර් ගයෙන් අධිකරණයට බාරවී තිබෙනවා.

    ඔහුට තරයේ අවවාද කොට වරෙන්තුව ආපසු කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළා. ඔහුට දැනුම් දී ඇත්තේ, මින් මතුවට සෑම නඩු දිනයකම පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙසයි.අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට පසුගියදා නොතීසි නිකුත් කළද, නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

    පසුව ඔහු අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අතර, සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා දන්වා සිටියේ, තම සේවා දායකයාට නිසි පරිදි සිතාසි ලැබී නොමැති බවයි. අනතුරුව, ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසු සනත් නිශාන්ත මහතාට තරයේ අවවාද කළ අභියාචනාධිකරණය වරෙන්තුව ආපසු කැඳවීමට තීන්දු කළා. නොවැම්බර් 10 වැනි දින අදාළ පෙත්සම් යළි කැඳවීමට නියමිතයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 20:12

    Latest News