සනත් නිශාන්ත සහ මිලාන් හා ඩෑන් ප්‍රියසාද් අධිකරණය හමුවට

මැයි 25, 2022

    ගාලු මුවදොර ගෝටාගෝ ගම සහ කොල්ලුපිටිය මයිනාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන්  පිරිසක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  හමුවට ඉදිරිපත් කළේය.

    බන්ධනාගාර නිලධාරීන් විසින් මොවුන් මීට ස්වල්ප වේලාවකට පෙර අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 
    මෙම සිද්ධියට අදාළ හදුනාගැනීමේ පෙරෙට්ටුව මුලින්ම පැවැත්වීමට නියමිත අතර එය අවසන් වීමෙන් පසු නඩුව කැඳවීමට නියමිතයි. 
    Last modified on බදාදා, 25 මැයි 2022 10:42

    Latest News