තෙබුවන හොරණ ප්‍රදේශ රැසක නිවාස සහ වෙළඳසැල් බිඳුම් රැසක් සිදුකළ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලීසිය පවසයි.

තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී රුපියල් ලක්‍ෂ 223ක මුදලක් කොල්ලකා, පලා යාමට තැත් කළ සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ‍අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ ප්‍රබල පාතාල කල්ලි සාමාජික සොත්ති උපාලිගෙ පුතා ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල, වැල්ලවාය මාර්ගයේ බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග වෙළෙදසැලකට ඇතුළු වූ ගිනිඅවියක් සහ කඩුවක් ගත් කොල්ලකරුවන් පිරිසක් එහි සිටි අය බිය ගන්වා පහර දී මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ගොස් තිබේ.

මල්වතු මහා නාහිමියන් ඇතුළු දිවයිනේ තවත් නායක හිමිවරුන්ගේ නම් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටි වංචනික ක්‍රියාවන්හි නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින්.

ගම්පහ සණස සංවර්ධන සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය අංජලිගම ප්‍රදේශයේ මහා පරිමාණයේ කෙසෙල් ගාවකින් රුපියල් හැත්තෑ අටදහසක් පමන වටිනා කෙසෙල් කැන් හතලිස් පහක් කපා අලෙවි කළ සැකකරුවන් තිදෙනකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නත්තල සැමරීමට පුද්ගලයෙකු කළ අපූරු සොරකමක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

රුපියල් ලක්ෂ 14ක් කොල්ලකා ජීප් රථයකින් පළාගිය පුද්ගලයෙකු පිළිබඳව කළ විමර්ශනයේ දී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ දිසා අපරාධ කොට්ඨාසයේ පෑලියගොඩ ඒකකය විසින්.

ආනයන නීතිරීති පටහැනිව හොරෙන් ආනයනය කළ වාහන කොටස් ගෙන්වා එකළස් කරමින් සිදුකරගෙන ගිය රුපියල් කෝටි ගණනක වංචාවක් බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ විශේෂ අපරධ විමර්ශන අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

Latest News