ගිනි අවි ගත් කල්ලියක් තණමල්විල වෙළදසැලක් කොල්ලකයි (CCTV)

පෙබ 09, 2022
  • තණමල්විල, වැල්ලවාය මාර්ගයේ බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග වෙළෙදසැලකට ඇතුළු වූ ගිනිඅවියක් සහ කඩුවක් ගත් කොල්ලකරුවන් පිරිසක් එහි සිටි අය බිය ගන්වා පහර දී මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ගොස් තිබේ.

    යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් තිදෙනකු මෙම කොල්ලය සිදු කරන අතර එම සිදුවීම වෙලදසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකඳ සටහන් වී ඇත.

    කොල්ලකරුවන් විසින් වෙළදසැලේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් සහ වෙලදසැල් හිමිකරු සන්තකයේ තිබූ රන් ආභරණ මෙසේ පැහැරගෙන ගොස් තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අත්අඩංගුවට ගෙන නොමැති අතර තණමල්විල පොලිස් ස්ථානය විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 19:05

    Latest News