රු.ලක්ෂ 14ක කොල්ලයේ සැකකරුවන්ට මාංචු

ඔක් 29, 2019

    රුපියල් ලක්ෂ 14ක් කොල්ලකා ජීප් රථයකින් පළාගිය පුද්ගලයෙකු පිළිබඳව කළ විමර්ශනයේ දී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ දිසා අපරාධ කොට්ඨාසයේ පෑලියගොඩ ඒකකය විසින්.

    පසුගිය සැප්තැම්බර් 9වැනි දින කඳාන පොලිස් වසමේ නිවසක දී පුද්ගලයෙකු විසින් මැණික් ගලක් විකිණීමට ඇති බව පවසා, තැරැව්කරුවෙකු මගින් පුද්ගලයන් තිදෙනෙකු නිවසට කැඳවා තිබිණ. ඒ පිළිබඳව සාකච්ජා කරමින් සිටිය දී එම නිවසට තවත් පුද්ගලයන් පිරිසක් සමග පැමිණි සැකකරු, මැණික් ගල මුදලට ලබාගැනීමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකා ජීප් රථයකින් පලාගොස් තිබේ.

    පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මුදල් කොල්ලකෑමට පැමිණි ජීප් රථය හා එහි රියදුරු ඊයේ පෙරවරුවේ කඩවත - මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්දුව පිටවීම් දොරටුව ආසන්නයේ දී අත්අඩංගුවට ගැනිණ. සිද්ධියට අදාළ සැකකරු අද පෙරවරුවේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 10:32

    Latest News