නව වසරට කෙසෙල් හොරකමේ ගිය 03 ක් රිමාන්ඩ් භාරයට

ජන 01, 2020

    වැල්ලවාය අංජලිගම ප්‍රදේශයේ මහා පරිමාණයේ කෙසෙල් ගාවකින් රුපියල් හැත්තෑ අටදහසක් පමන වටිනා කෙසෙල් කැන් හතලිස් පහක් කපා අලෙවි කළ සැකකරුවන් තිදෙනකු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් විසින් සොකරම් කළ කෙසෙල් කැන් ප්‍රවාහනය කළ ලොරියද පොලිසියේ භාරයට ගෙන ඇත.

    සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස්පහ ,හතලිහ සහ හතලිස් තුන යන වයස්වල පසුවන්නන් බව වැල්ලවාය පොලිසිය පවසයි. නව වසර සදහා කෙසෙල් අලෙවි කිරීමට මෙම කෙසෙල් කැන් කපා ඇති බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

    සැකකරුවන් ඊයේ (31) පස්වරුවේ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව ජනාවාරි දාහතර වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරින. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විමර්ෂන සිදු කරයි.

    Latest News