කෝටි 70ක මුදල් වංචාවකට බැංකු කළමනාකරුට මාංචු

ජන 14, 2020

    ගම්පහ සණස සංවර්ධන සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ එම සමිතියේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් රුපියල් හැත්තෑ තුන් කෝටි විසි නව ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

    සැකකරුවන් අද (14) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 09:03

    Latest News