නත්තල සැමරීමට කළ අපූරු සොරකම

දෙසැ 25, 2019

    නත්තල සැමරීමට පුද්ගලයෙකු කළ අපූරු සොරකමක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

    මේ අමෙරිකාවේ 65 හැවිරිදි ඩේවිඩ් වේන් ඔලිවර්හු, පසුගියදා කොලරාඩෝ ප්‍රාන්තයේ ඇකඩමි බැංකුව කොල්ල කා තිබේ. ඉන් සොරා ගත් මුදල් බැංකුවෙන් එළියට පැමිණ ගුවනට විසිකර ඇත්තේ සුභ නත්තලක් යනුවෙන් ප්‍රකාශ කරමින්.

    සිද්ධිය දුටුවන් පවසන්නේ, අනතුරුව ඩේවිඩ් වේන් ඔලිවර්, කෝපි පානය කරන ස්ථානයකට ගොස් තමන් අත්අඩංගුවට ගන්නා තෙක් එහි රැඳී සිට ඇති බවයි. පොලීසිය පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

     

     

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 12:05

    Latest News