මල්වතු නාහිමියන්ගේ නමින් වංචනිකව පෙනීසිටි පුද්ගලයෙක් අල්ලයි

ජූලි 15, 2020

    මල්වතු මහා නාහිමියන් ඇතුළු දිවයිනේ තවත් නායක හිමිවරුන්ගේ නම් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටි වංචනික ක්‍රියාවන්හි නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින්.

    මල්වතු මහ විහාරයෙන් ලැබුණු පැමිණිල්ලකට අනූව සැකකරු, අත්අඩංගුවට ගැනිණ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට අයෙක්. සැකකරු, මහ නාහිමිවරුන් ලෙස පෙනී සිටිමින් විදේශ රැකියා ලබා දෙන බව, පවසමින් මුදල් වංචා කර තිබේ.

    ඔහු සතුව තිබූ නවීන මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරු සතුව තිබූ හැඳුනුම්පත් දෙකක්, ජංගම දුරකථන 8ක් හා සිම් කාඩ් පත් 22ක් ද සොයා ගැනිණ. ඔහු පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇතැයි, ද සඳහන්. අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 11:46

    Latest News