ඉන්ධන පිරවුම්හලේ මුදල් කොල්ලකෑ සොත්ති උපාලිගෙ පුතා ඇතුලු 2ක් අත්අඩංගුවට (වීඩියෝ)

මාර් 24, 2022
  • නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ ප්‍රබල පාතාල කල්ලි සාමාජික සොත්ති උපාලිගෙ පුතා ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

    2022. 03.18 වන දින නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දී මුදල් මංකොල්ලකා ඇත.

    ඒ පිළිබඳ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට, අනුව ඊයේ (23) පස්වරුවේ මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා සීසීටීවී දර්ශන සහ බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ඇත.

    ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර තවදුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී තිබේ.

    Soththi1.jpgSoththi2.jpg

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 24 මාර්තු 2022 12:03

    Latest News