හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් අත්අඩංගුට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ජුලි මස 07 ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර ඇත.

අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සළකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ  වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින්  රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබේ.

අපට අවශ්‍ය වන්නේ, අන්තවාදය පරාජය කරලා, සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කිරීම බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් නොකරන බවත්, ප්‍රතිපත්තියක් නොමැති අය ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට කෙසේ ඉදිරිපත් කරන්නේ යැයිද, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට වෙනස් කළ නොහැකි බව විදුලි බල ඇමති රවී කරුණානායක පවසයි.

එජාපයට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්‍රහණයක් බවත්, රටෙහි ගිලිහී යමින් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ආරක්ෂා කිරීම එජාපය කළ වැදගත්ම දෙය බවත් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරයි.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙසෙන නිවාසවලට නව විදුලි සබඳතා ලබාදීමේ දී විශේෂ ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ විශේෂ සාකච්ජාවකදීයි.

Latest News