රවී ඇතුළු සිව් දෙනාගේ පෙත්සම සලකා බැලීම 12

මාර් 11, 2020

    තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර ඇත.

    මෙම නඩුව දැඩි මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩුකරයක් බැවින් එය ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අද පෙරවරුවේ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීමක් කර තිබුණි.

    එම ඉල්ලීමට අනුව මෙම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ .එච්. එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීම අද දහවල් ආරම්භ වුණි.

    එහිදී රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පෙත්සම සලකා බැලීම අවසන්වනතුරු තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නැවත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

     

    Latest News