රවීගේ පෙත්සම සලකා බැලීමට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මාර් 11, 2020

    අත්අඩංගුට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හතර දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

    මෙය දැඩි මහජන අවධානයට පාත්‍ර වන නඩු කටයුත්තක් බැවින් එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සුදුසු බවයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මේ පිළිබඳ තීරණය අද දහවල් 12.45 ට ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 13:51

    Latest News