අන්තවාදය පරාජය කර සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කළ යුතුයි..ඇමති රවී

නොවැ 06, 2019

    අපට අවශ්‍ය වන්නේ, අන්තවාදය පරාජය කරලා, සියලු ජාතීන්ට ගෞරවයෙන් ජීවත්විය හැකි රටක් බිහි කිරීම බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත්, රටේ තරුණ ප්‍රජාවගේ රැකියා ප්‍රශ්නය විසදුම් ලබා දී ඔවුන්ගේ හැකියාවට රැකිවක් ලබාදිය යුතු බවත් රටේ සංවර්ධනයට ඔවුන් දායක කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

    "මේ ප්‍රදේශයේ පැවතුන කඩදාසි කර්මාන්තය, කිරි කර්මාන්තය මෙන් වරාය පහසුකම් මේ ප්‍රදේශයේ නැවත ස්ථාපිතකර, ඒ තුළින් ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට කටයුතු යුතුයි. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසේ 16 දා හංසයා ඉදිරියේ තම ඡන්දය ප්‍රකාශ කරලා, නැවතත් අපට වරමක් ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා" යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (05) මඩකලපුව ප්‍රදේශයේ පැවති, ජනපති ජය තහවුරු කිරීමේ ජනතා රැලියකට සහභාගි වෙමින්.

    "වසර 05 කට කලින් අපිමේ ප්‍රදේශයට පැමිණිල්ලා, එදා පැවතුන දුර්දාන්ත පාලනය වෙනස් කරලා, වැලලිලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න අප ජනතාවගෙන් වරමක් ඉල්ලුවා. එදා ජනතාව බය නැතිව අපට ලබාදුන් වරම තුළින්, ජනතාව බියෙන් ජීවත්වූ පසුබිම අපි නැති කරලා. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන්න අපට හැකිවුණා. එදා බිහිවූ හවුල් ආණ්ඩුව තුලින් ජනතා ගැටළු නිසි පරිසි විසදන්න බැරි නිසයි, අප මෙවර අපේම ආණ්ඩුවක් බිහි කරන්න හිතුවේ. ඒ වෙනුවෙන් තවත් වරක් අපි ගැන විශ්වාසය තියලා, ජනතා වරම ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා."

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 12:43

    Latest News