විදුලි සබඳතා ලබාදීමේ දී විශේෂ අවශ්‍යතා සහිත අයට මුල්තැන

සැප් 11, 2019

    විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙසෙන නිවාසවලට නව විදුලි සබඳතා ලබාදීමේ දී විශේෂ ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ විශේෂ සාකච්ජාවකදීයි.

    මෙරට වෙසෙන ලක්ෂ 16ක පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංගමයේ විශේෂ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍ය මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට බලපාන බාධාවන් හා දුෂ්කරතාවන් පිළිබඳ අවධාරණය යොමු කෙරිණ. මෙම පුද්ගලයින්ට ආදායම් උත්පාදන මාර්ග, රැකියා අවස්ථා මෙන්ම, අධ්‍යාපන අවස්ථාවන් ද බොහෝ දුරට නොලැබෙන බැවින්, ඔවුන් සමාජය තුළ තනිවී සිටින බව, මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විදුලිබල අමාත්‍යාංශය යටතේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලැබෙන සේවා සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

    ඒ යටතේ විදුලි බිල්පත් අය කිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ජා කෙරිණ. සංඥා භාෂා පනත බිහිරි පුද්ගලයන් වෙත රියදුරු බලපත්‍ර ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

     

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 10:46

    Latest News