බරපතල අපරාධවලට වැරදිකරුන් වී, සිර දඬුවම් ලබා, මෑතකාලීනව නිදහස් වූ, රුසියාවේ හිටපු සිරකරුවන්, යුක්‍රේන යුද්ධය සඳහා සටන් වැදීමට, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්, එරට නීති සංශෝධන කර තිබෙනවා.

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිතිකරගෙන මෙම 12 දින සිට 16 දින දක්වා කාලය තුළ සිරකරුවන්ට ඥාතීන් තිදෙනකු(03) හමුවීම සදහා වි‍ශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

74 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 197 දෙනකු ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ අද (4) නිදහස ලබයි.

නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට ආහාර පාර්සල් ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ.

'කොවිඩ්-19' ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම පවුලේ අයවලුන් සමග කතා කිරිමේ අවස්ථාව බන්ධනාගාර රාජ්‍ය ඇමතිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරේ.

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලධාරීන්ට උපදෙස් දෙයි.

බන්ධනාගාර රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ.

බාහිරින් පැමිණෙන පුද්ගලයන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා දැනට පනවා ඇති තහනම ලබන 15 වැනිදා සිට ඉවත් කරන බව බන්ධනාගාර කොමසාරිස්, පාලන පුනරුත්තාපන හා නිපුණතා සංවර්ධන ඊ එම් ජේ සී එල් බී ඒකනායක මහතා පවසයි.

නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් ඉරානය එරට සිරකරුවන් 85,000කට වැඩි පිරිසක් සඳහා නිදහස ලබා දී තිබේ.

Latest News