ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට දැනගැනීමට ක්‍රමවේදයක්

මැයි 15, 2021

    'කොවිඩ්-19' ආසාදිත වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීමට විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    කොවිඩ් ආසාදිත සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකය මගින් ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

    බන්ධනාගාර ගත රැඳවියා කොරෝනා ආසාදිත නම් පමණක් 011- 46 77 101 අංකය ඔස්සේ අදාළ රැඳවියා පිළිබඳ තොරතුරු ඥාතීන්ට විමසීමේ හැකියාව තිබේ.

    Latest News