නිදහස් උනත් නිදහසක් නැති සිරකරුවෝ BBC

නිදහස් උනත් නිදහසක් නැති සිරකරුවෝ

නොවැ 05, 2022

    බරපතල අපරාධවලට වැරදිකරුන් වී, සිර දඬුවම් ලබා, මෑතකාලීනව නිදහස් වූ, රුසියාවේ හිටපු සිරකරුවන්, යුක්‍රේන යුද්ධය සඳහා සටන් වැදීමට, රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින්, එරට නීති සංශෝධන කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුක්‍රේන යුද්ධය සඳහා සංචිත සොල්දාදුවන් අවශ්‍ය වන බැවින් රුසියානු ජනාධිපතිවරයා එරට නීති සංශෝධනය කර ඇති බවයි. මෙයින් බරපතල අපරාධවලට වරදකරු වී පසුව නිදහස් වූ පුද්ගලයින් යුක්‍රේන ක්‍රියාන්විතය සඳහා සහභාගී කර ගැනෙනවා.

    කෙසේ වෙතත් ළමුන්ට හා කාන්තාවන්ට එරෙහි බරපතල ලිංගික අපරාධ හෝ ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී පසුව නිදහස් වූ හිටපු රුසියානු සිරකරුවන් මෙම ඝනයට අයත් වන්නේ නැහැ. 300,000කට  ආසන්න සංචිත සොල්දාදුවන් යුක්‍රේන ක්‍රියාන්විතය සඳහා අනුයුක්ත කිරීමට පුටින් ජනාධිපතිවරයා ඉකුත් සැප්තැම්බර් මස තීරණය කළා.

    රුසියානු බලධාරින් පවසන්නේ එම පිරිසෙන් 40,000කට ආසන්න පිරිසක් දැනටමත් යුක්‍රේන භුමියේ යුද ක්‍රියාන්විතයන්වල නිරත වන බවයි. තවත් සංචිත සොල්දාදුවන් 50,000 ක් පමණ යුක්‍රේන යුද ක්‍රියාන්විතය සඳහා අත්සත් තබා ඇති බව, එම බලධාරින් වැඩිදුරටත් සඳහන් කරනවා.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 12:08

    Latest News