බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය

දෙසැ 15, 2020

    බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම පවුලේ අයවලුන් සමග කතා කිරිමේ අවස්ථාව බන්ධනාගාර රාජ්‍ය ඇමතිගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරේ.

    බන්ධනාගාර රැදවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම පවුලේ අයවලුන් සමග කතා කිරිමේ අවස්ථාව ලබා දීම සදහා වෙනමම ඒකකයක් සූදානම් කර දීම අද බන්දනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ මූලිකත්වයෙන් අද(15) පෙරවරුවේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදී සිදු විය. මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, අමාත්‍යංශ ලේඛම් විශ්‍රාමික මේජර් ජෙනරාල් යූ. ආර්. සිල්වා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කලේ මේවන විට සුළු වැරදි කරපු රැදවියන් 6000ක් පමණ නිදහස් කල බවත් ඉදිරියේදී තවත් 1000ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවත්, බන්ධනාගාර සම්බන්ධ පැරනි අණ පනත් ඉදිරියේදී වෙනස් කිරීමටද බලාපොරොත්තු වන බවයි. බන්ධනාගාරවල පවතින නිලධාරී හිගහ අවම කිරීමට සහ බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහිද අවධානය යොමු කරන බවද සදහන් කළේය.

    Latest News