සිරකරුවන්ට ආහාර ලබා දීමට ඥාතීන්ට අවස්ථාව

දෙසැ 25, 2021

    නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට ආහාර පාර්සල් ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ.

    බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ, රැඳවුවකුගේ ඥාතියෙකු හෝ රැඳවුවා නම් කරන වෙනත් අයකු විසින් රැගෙන එනු ලබන බත් පාර්සලයක් මෙම මස 23 දින සිට 27 දින දක්වා (26 දින,ඉරිදා හැර) සිරකරුවන්ට ලබා දීමට ද අවසර හිමිවන බවයි.

    සිරකරුට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනී, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සරිලන ප්‍රමාණයක් රුපියල් 2500 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ එක්වතාවකදී තැන්පත් කර, පවතින නීතිවලට යටත්ව ලබා දීමට ද අවස්ථාව හිමි වේ.

    ඊට අමතරව නත්තල් උත්සවය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආගමික වැඩසටහන් පැවැත්වෙන බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

    Last modified on සෙනසුරාදා, 25 දෙසැම්බර් 2021 11:25

    Latest News