අලුත් අවුරුද්දට සිරකරුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාදයක්

අප්‍රේ 07, 2022

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිතිකරගෙන මෙම 12 දින සිට 16 දින දක්වා කාලය තුළ සිරකරුවන්ට ඥාතීන් තිදෙනකු(03) හමුවීම සදහා වි‍ශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ අනුව එක් සිරකරුවෙකු හමුවීම සඳහා ඔහුගේ/ඇයගේ ඥාතීන් තිදෙනෙකුට හමුවීම මෙන්ම සිරකරුගේ ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එනු ලබන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබේ.

    සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම කටයුතු සිදු කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

    • සිරකරුගේ ඥාතියකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගලයකුට මෙම 12 දින සිට 16 දින දක්වා කාලසීමව තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000/- මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 1000/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කළ හැකි බවද ඒකනායක මහතා කියයි.

    • මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන එමට අපහසු අමුත්තන් සදහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබා දිමට අවස්ථාව ද සලසා ඇති බවද කොමසාරිස්වරයා කියයි.

    Latest News