බන්ධනාගාර රැඳවියන් 444කට ජනපති සමාව (වීඩියෝ)

සැප් 01, 2020
  • බන්ධනාගාර රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ.

    මොවුන් අතර කාන්තා රැඳවියන් 18 දෙනෙක් ද සිටින බවයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කරන්නේ.

    මැගසින් බන්ධනාගාරයේ 6 දෙනෙක්, අනුරාධපුර බන්ධනාගාරයේ 28 දෙනෙක්, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 83 දෙනෙක් හා කුරුවිට බන්ධනාගාරයේ 35 දෙනෙක් මෙලෙස පොදු සමාව යටතේ නිදහස ලැබූ පිරිස අතර වෙයි.

    එමෙන්ම,පල්ලේකැලේ බන්ධනාගාරයේ 54 දෙනෙක්ද,අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 20 දෙනෙක් ද මෙලෙස නිදහස ලබා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 01 සැප්තැම්බර් 2020 19:51

    Latest News