හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ දේශන ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන 27 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 19 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු වූ රිය අනතුරකට ලක්කර ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වැනිදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව කියන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රෝගී තත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතු බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

Latest News