එහිදී චම්පික රණවක මහතාට එරෙහිව හෙට දින කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරන ලද ඉල්ලීමද අධිකරණය ප්රතික්ෂේප කළා.
මෙම ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කාර චම්පික රණවක මහතා කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්රදේශයේ සිදු වූ බව කියන රිය අනතුරු සිද්ධියකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවයි.
එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවයි රණවක මහතා සඳහන් කරන්නේ.
අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළා.
මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන ඔහු එබැවින් මහාධිකරණ නඩු විභාගය අත් හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම තමන්ව අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා