අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන් සුහුරුලිය 2.0 මූලෝපාය එළිදැක්වීම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී සිදුවිය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකිකයන් 4 දෙනෙකු, නිරුපද්රිතව පසුගියදා මෙරටට පැමිණියා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසනු ලැබුවා.
උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ කම්කරුවන් 40 දෙනෙකු සිර වී සිටින බව, ඉන්දීය මාධ්ය වාර්තා කරනවා.
ගාසා තීරයේ විශාලතම රෝහල වන "අල් - ෂිෆා" සුසාන භූමියකට ආසන්න බව, ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවනවා.

සීනි ගිය උඩක්

අප්‍රේ 26, 2024
ලංකා සීනි සමාගම, පාඩු ලබන ආයතන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව, රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඩොලර් කෝටි 50 ක ආයෝජනයක් කිරීමට ඇමෙරිකානු රජය ඉදිරිපත් වී සිටිනවා.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.

Latest News