සීනි ගිය උඩක්

නොවැ 08, 2023
    ලංකා සීනි සමාගම, පාඩු ලබන ආයතන ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව, රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

    2019 වන විට රුපියල් ලක්ෂ 1,800 ක් පාඩු ලැබූ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2022 වන විට රුපියල් ලක්ෂ 6000 ක ශුද්ධ ලාභයක් ලබාගනිමින්, ඉතිහාසයේ ප්රථම වතාවට මහා භාණ්ඩාගාරයට ලක්ෂ 3,500 ක් ද ප්රදානය කර තිබෙනවා.

    මේ වනවිට කර්මාන්ත ශාලා පාලනාධිකාරිය “ලකී සෙවන් සෙවණගල” නමින් නව ව්යාපෘති 7 ක් ද ආරම්භ කර තිබෙනවා. 36 වසරකට පසු කර්මාන්ත ශාලාවේ දෙවන අදියර ද ආරම්භ කිරීමට නියමිතයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 11:21

    Latest News