40 දෙනෙකු සිරකර උමග​

නොවැ 14, 2023
    උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ කම්කරුවන් 40 දෙනෙකු සිර වී සිටින බව, ඉන්දීය මාධ්ය වාර්තා කරනවා.
    කම්කරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මකයි.
     
    උතුරු ඉන්දියාවේ ‘උත්තරකාන්ද්’ ප්රාන්තයේ උමං මාර්ගයක ඉදිකිරීඹ් කටයුතුවල නිරතව සිටි කම්කරුවන් 40 දෙනෙකු එම උමං මාර්ගයෙහි කොටසක් කඩා වැටීමෙන් ඒ තුළ සිරවී සිටින බවයි, වාර්තා වන්නේ.
     
    උමං මාර්ගයට ආසන්නයේ සිදු වූ නාය යෑමක් හේතුවෙන් උමං මාර්ගයේ කොටසක් කඩා වැටී ඇති බව, ඉන්දීය බලධාරීන් පවසනවා. සිරවී සිටින කම්කරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක අතර, කම්කරුවන් සමග සන්නිවේදන සබඳතා ගොඩනගා ගැනීමට මේ වන විට සමත්ව ඇති බව, සහන කණ්ඩායම් පවසනවා.
     
    උමං මාර්ගය තුළ සිරවී සිටින කම්කරුවන්ට ඔක්සිජන් මෙන්ම, ආහාර සහ ජලය ලබා දෙමින් සිටින බවයි, ඔවුන් සඳහන් කරන්නේ.
    Last modified on අඟහරුවාදා, 14 නොවැම්බර් 2023 14:49

    Latest News