ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් ගාසා තීරයේ සිට නිරුපද්‍රිතව පැමිණෙයි

නොවැ 29, 2023
    ගාසා තීරයේ අතරමංව සිටි ශ්රී ලාංකිකයන් 4 දෙනෙකු, නිරුපද්රිතව පසුගියදා මෙරටට පැමිණියා. විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය, ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසනු ලැබුවා.

     

    ඊජිප්තු බලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන කයිරෝහි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් රෆා දේශ සීමාව වෙත ගොස් එම ලාංකිකයන් සිව් දෙනා බාරගෙන තිබෙනවා.
     
    ගාසා තීරයේ සිට රෆා දේශ සීමාව හරහා ශ්රී ලාංකිකයන් 15 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්යාංශය පවසන්නේ.
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 09:52

    Latest News