කොළඹ වරායට තවත් ආයෝජනයක්

නොවැ 08, 2023
    කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඩොලර් කෝටි 50 ක ආයෝජනයක් කිරීමට ඇමෙරිකානු රජය ඉදිරිපත් වී සිටිනවා.

    ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන මූල්ය සංස්ථාව හෙවත්, DFC ආයතනයේ විධායක නිලධාරි ස්කොට් නාදන් මහතා අද කොළඹදී මේ බව නිවේදනය කළා.

    දකුණු ආසියානු කලාපයේ වැදගත් යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති අරමුණු කර ගනිමින් කලාපයේ චාරිකාවක යෙදී සිටින ස්කොට් නාදන් මහතා ඊයේ ශ්රී ලංකාවට පැමිණියා.
     
    අද උදේ කොළඹදී ව්යාපෘතිය දියත් කිරීමේ උත්සවයට එක්වූ ඔහු කියා සිටියේ, කොළඹ වරායේ බටහිර පර්යන්තය ගැඹුරු කන්ටේනර් මෙහෙයුම් පර්යන්තයක් ලෙස සංවර්ධනය සඳහා අමෙරිකානු රජය ඉදිරිපත්ව සිටින බවයි.ඒ අනුව, කොළඹ බටහිර අන්තර්ජාතික පර්යන්ත පුද්ගලික සමාගම සදහා අමෙරිකානු ඩොලර් මිලියන 553 ක් ආයෝජනය කරන බව ඔහු කියා සිටියා.
     
    පුද්ගලික අංශයේ දායකත්වය ලැබෙන සංවර්ධන ව්යාපෘතියක් ලෙස මෙය ක්රියාත්මක වන බව අමෙරිකානු DFC ආයතනයේ ප්රධානියා මෙහිදී කියා සිටියා.
     
    විදේශ අමාත්ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා උපදේශක සාගල රත්නායක, ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චං යන මහත්ම මහත්මීන්ද සංවර්ධන ව්යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.
    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 12:40

    Latest News