අල් - ෂිෆා සුසාන භූමියක් වෙයිද?

නොවැ 14, 2023
    ගාසා තීරයේ විශාලතම රෝහල වන "අල් - ෂිෆා" සුසාන භූමියකට ආසන්න බව, ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු අඟවනවා.
    රෝහල තුළ සහ අවට මළ සිරුරු ගොඩ ගැසෙමින් පවතින බවයි, ඔවුන් වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.
     
    ගාසා නගරයේ රෝහල ආසන්නයේ දරුණු සටන් හේතුවෙන් ඇති වූ දැඩි ඉන්ධන හිඟය ප්රතිකාරවලට බලපා තිබෙනවා.
     
    නොමේරු ළදරුවන් හා වකුගඩු රෝගීන් 45 දෙනෙකුට නිසි ප්රතිකාර කළ නොහැකි තත්වයක් පවතින බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශකයෙකු කියා සිටිනවා.
     
    පුද්ගලයින් 600 ක් පමණ රෝහලේ රැඳී සිටින අතර, අනෙක් පිරිස රෝහල තුළ ශාලාවල නවාතැන් ගෙන සිටින බවයි, ලෝක සෞඛ්ය සංවිධානයේ ප්රකාශක, ක්රිස්ටියන් ලින්ඩිමියර් පැවසුවේ.
     
    විදුලිය විසන්ධි වීම නිසා තවදුරටත් ඉන්කියුබ්ලේටර්වල රැඳී සිටින නොමේරු ළදරුවන්ගේ ජීවිත අවදානම ගැන යළි යළිත් අවධාරණය කොට සිටිනවා. රෝහල තුළ ගොඩ ගැසී ඇති මළ සිරුරු කුණු වෙමින් පවතින බව, රෝහල් වෛද්යවරුන් ප්රකාශ කරනවා.
     
    ඊශ්රායල් අග්රාමාත්යවරයාගේ ජ්යේෂ්ඨ උපදේශක මාර්ක් රෙගේව් පැවසුවේ ඊශ්රායලය රෝහලෙහි ළදරුවන් ඉවත් කර ගැනීම සඳහා ප්රායෝගික විසඳුම් ඉරිපත් කළ ද හමාස් සංවිධානය එම යෝජනා ප්රතික්ෂේප කරන බවයි.
    Last modified on අඟහරුවාදා, 14 නොවැම්බර් 2023 11:47

    Latest News