කෘෂිකර්මයට කාර්ය සාධක බලකායක්

සැප් 10, 2021

    තිරසර කෘෂිකර්මාන්තයක් සදහා වන අමාත්‍යාංශයීය කාර්ය සාධක බලකාය සදහා සාමාජිකයින් පත් කිරිම ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2021.07.26 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව මෙම පත් කීරිම් සිදු කරන ලද්දේ ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි.

    සබරගමුව විශ්ව විද්‍යලයේ මහචාර්ය පී.අයි.යාපා මහතා ⁣මෙම බලකායේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් මෙම කාර්ය සාධන බලකායේ සෙසු සාමාජිකයින් වන්නේ මහාචාර්ය උදිත කේ. ජයසිංහ (ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), මහාචාර්ය මාලක රන්තිලක (පේරාදෙණිය විශ්වවිද්‍යලය), මහාචාර්ය කේ.එස්.හේමචන්ද්‍ර (පේරාදෙණිය විශ්වවිද්‍යලය), මහාචාර්ය චන්ද්‍රිකා නානායක්කාර (කොළඹ විශ්වවිද්‍යලය), මහාචාර්ය ගාමිණි ⁣සේනානායක (සභාපති - ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව), මහාචාර්ය සනත් අමරතුංග (පේරාදෙණිය විශ්වවිද්‍යලය), මහාචාර්ය සංජීවනී ගිනිගද්දර (රජරට විශ්වවිද්‍යලය), ආචාර්ය යසන්තා මාපටුන (ව්‍යාපෘති අධ්‍යක්ෂ - කුඩා පරිමාණ කෘෂි සහභාගිත්ව වැඩ සටහන), අචාර්ය හේමන්ත විජේගුණවර්ධන (විශ්‍රාමික අතිරේක ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), සෑම් සමරසිංහ (ව්‍යවසායක - පි.ඒ.එස්.මාකටින් පුද්ගලික සමාගම), කේ.ඒ අනිල් (ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය), අරුණකාන්ත බණ්ඩාර (ව්‍යවසායක - හෙල්දිස්ලා පුද්ගලික සමාගම), සචිත්‍ර යාපා ව්‍යවසහයක (නිල්මිණි එස්ටේටි පුද්ගලික සමාගම) යන මහත්ම මහත්මීන්ය. මෙම සියලු දෙනා ගේ පත්වීම් ලිපි ප්‍රදානය කීරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ (9) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද සහභාගි වී සිටියහ.

    මෙම කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම ද ඊයේ (9) අමාත්‍යවරු දෙපල ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

    Latest News