සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතුයි...අගමැති

දෙසැ 25, 2020

    නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නත්තල දිනය වෙනුවෙන් පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබාරංචිය බවයි.

    මෙම උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවිඩය අප හදවත් තුළ තහවුරු විය යුතුය. දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමඟ නත්තල ගත කරන්නට ආධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තථා බැඳී පවතියි. එම නිසා මෙවැනි උතුම් දිනක කාත් කවුරුවත් නොදත් බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක හිස තබා ගන්නටවත් තැනක් නැතිගව ඔරුවක සළු පිළි අහිමි සීතලේ උපන් බිළිඳා සොයා යෑම අර්ථවත් නත්තලකට මග පාදන බව මාගේ විශ්වාසයයි. අසිරිමත් නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලූම ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවසක්ම, සෑම හදවතක්ම සාමයෙන් හා නීරෝගීභාවයෙන් පිරී ඉතිරේවා යැයි ප්‍රාර්ථනා කරමි.

    Latest News