ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ලෝකය තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7,984ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර වයස අවුරුද්දයි මාස 5ක ළදරුවෙකු ද සිටින බව, සෞඛ්‍ය අංශ පවසයි.

විදෙස් රටවල සිට මෙරටට පැමිණ වව්නියාව ප්‍රදේශයේ සිටි තවත් 134 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා නිපදවන ලද වෛරසය පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

"කොවිඩ් 19" නොහොත් කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වෙයි.

කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලිය ද ඒත් සමගම එරට ආහාර අලෙවිසැල් හා ඖෂධහල් හැර අනෙකුත් සියලුම කඩ සාප්පු ද වසා දැමීමටයි, කටයුතු කර ඇත්තේ.

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව විශාලතම සංගීත උළෙල ලෙස සැලකෙන කෝචෙල්ලා සංගීත හා කලා උළෙල කල්දමා තිබේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Latest News