තවත් 134ක් නිරෝධායනයට

මාර් 17, 2020

    විදෙස් රටවල සිට මෙරටට පැමිණ වව්නියාව ප්‍රදේශයේ සිටි තවත් 134 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

    ඒ යුධ හමුදා පාබල රෙජිමේන්තුවට අයත් පම්පමඩුව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි. එම පුද්ගලයින් 134 දෙනා යුද හමුදාවේ බස් රථ 3ක් මගින් ඊයේ පස්වරුවේ මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවේ, විශේෂ ආරක්ෂාවක් යටතේ.

    නිරෝධායනය සඳහා යොමු කෙරෙන සියලුදෙනාට අවශ්‍ය සියලු පහසුකම් යුධ හමුදාව මගින් සලසා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 10:40

    Latest News