කොරෝනා නිසා ලොව විශාලතම සංගීත උළෙලත් කල් දමයි

මාර් 11, 2020

    මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව විශාලතම සංගීත උළෙල ලෙස සැලකෙන කෝචෙල්ලා සංගීත හා කලා උළෙල කල්දමා තිබේ.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර සංදර්ශනය ඔක්තෝම්බර් මාසය දක්වා කල්දමා තිබේ.

    කෝචෙල්ලා ලෙස සැලකෙන ලොව විශාලතම සංගීත උළෙල 1999 සිට සෑම වසරක් පාසා පවත්වන සංගීත ප්‍රසංගයක්. මෙහි සංගීත ප්‍රසංගයට අමතරව කලා ප්‍රදර්ශනයක් ද පැවැත්වෙයි. ලොව ජනප්‍රිය කලාකරුවන් හා නිර්මාණකරුවන් සහභාගීවන ප්‍රසංගයක් ලෙසයි, මෙය සැලකෙන්නේ.

    අමෙරිකාව තුළ මේ වන විට කොරෝනා රෝගීන් 950ට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 28 දෙනෙකු මියගොස් තිබේ. මෙවැනි වකවානුවක මෙම උළෙල කල් දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇති බව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 10:04

    Latest News