මෙරටින් පළමු කොරෝනා ආසාධිතයා හමු වෙයි

මාර් 11, 2020

    කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    52 හැවිරිදි මොහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙක්. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇතැයි, ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද ආරම්භ කර තිබේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 09:32

    Latest News