කොරෝනා ආසාදිතයින් අතර මාස 5ක ළදරුවෙක්

මාර් 18, 2020

    මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර වයස අවුරුද්දයි මාස 5ක ළදරුවෙකු ද සිටින බව, සෞඛ්‍ය අංශ පවසයි.

    එම දරුවාගේ මවට ද වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්, ඉතාලියේ සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී වන විට මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 43ක්. ඉන් 15 දෙනෙකු හඳුනාගනු ලැබුවේ ඊයේ දිනයේ තුළයි.

    රෝගය වැළඳී ඇතැයි හඳුනාගත් සියලුදෙනා අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතයි. දිවයිනපුරා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 16ක 2,258 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 07:57

    Latest News