ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව හරින් ප්‍රනාන්දු මහතා ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරුන් පවසයි.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් එවා තිබේ.

2016 ජනවාරි 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙණු පිළිබඳ වොහාරික විගණනයක් කර සති 02 කින් වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු නියෝග කර තිබේ.

ඒකීය රටක් තුල සෑම පුරවැසියෙකුටම එකට ජීවත් වියහැකි පදනමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව, ක්‍රීඩා හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ තීන්දුව සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Latest News