ක්‍රිකට් අක්‍රමිකතා සොයන්න ICC කාර්යාලයක් ලංකාවට (විඩියෝ)

දෙසැ 31, 2018
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    ලෝකයේ ඇති දූෂිතම ක්‍රිකට් ආයතනය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැඳින් විය හැකි බවට අයි.සී.සී දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    පසුගිය 27 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා හා අයි.සී.සී දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර පැවති සකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බව මාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් පැවසීය.

    මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා ක්‍රිඩා අමාත්‍යාංශය තුළ ක්‍රිඩා දුක්ගන්නාරල නැමති තනතුරක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

    තවද ක්‍රිඩාවේදී සිදුවන දූෂණ වංචා සහ අනෙකුත් කරණු පිළිබඳ දැනුම් දීම සඳහා 1978 නමින් හදිසි දුරකථන අංකයක් සහ සක්‍රීය වෙබ් පිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 19:05

    Latest News