ඒකීය රටක් ලෙස ඉදිරියට යන ව්‍යවස්ථාවක් (විඩියෝ)

ජන 12, 2019
  • ඒකීය රටක් තුල සෑම පුරවැසියෙකුටම එකට ජීවත් වියහැකි පදනමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව, ක්‍රීඩා හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    දේශප්‍රේමී කියා සිතාගන්නා කණ්ඩායම් කුමන අර්ථ කථන දුන්නද ඉදිරියේ දී බිහිවන ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනගන්නක් බව කියා සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ දී ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වීමෙන් අනතුරුවයි. 

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා... 

    අළුත් බලාපොරොත්තු සමග අළුත් තැනක යන ගමනකට රට පැමිණ තිබෙනවා. මම හිතනවා, රට බලාපොරොත්තු වන දේ එ් ආකාරයෙන්ම ඉටුවී සුබවාදීව ඉදිරියට ගමන් කරාවි කියලා..ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් අදහස් ප්‍රකාශ කළ ද අනිවාර්යෙන්ම රට ඒකීය රටක් ලෙස ඉදිරියට යන ව්‍යවස්ථාවක් නිර්මාණය වනවා..

    යම් කණ්ඩායම් පෙඩරල් හෝ රට බෙදන ක්‍රමයක් ලෙස හැදින්වුවත් ඉදිරියේ දී බිහිවන ව්‍යවස්ථාව සෑම කෙනෙකුටම එකා මෙන් එකට එක්ව ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගෙන ව්‍යවස්ථාවක්. එවිට දැනට පවතින ආගම්, ජාති ප්‍රශ්න ජනතාව තුලට ගැටළුකාරී මට්ටමට ගමන් නොකරනු ඇති බව ද අපට කියන්න පුළුවන්..

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 16:13

    Latest News