ක්‍රීඩා ඇමතිගෙන් තිලංගට තහනමක්

සැප් 10, 2019

    හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

    දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස මෙම තාවකාලික තහනම පනවා තිබේ.

    ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ඇති බලතල අනුව ඔහු මෙම පියවර ගෙන ඇත.

    Latest News