ගෝඨාභයගේ නඩුවට එජාපයේ සබඳතාවක් නෑ...ඇමති හරීන්

ඔක් 05, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරුන් පවසයි.

    පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බැවින් ඔහුගේ අපේක්ෂකත්වය අහිමි නො‍වේවා යැයි ප්‍රාර්ථනා කරන බව පැවැසූ ඇමැතිවරයා සහ මන්ත්‍රීවරු පරාජය කළ හැකි ගෝඨාභය රාජපක්ස මහතා වැනි අයෙක් කෙරෙහි එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෝ පෙරමුණ කිසිසේත් බිය නොවන බව ද ප්‍රකාශ කළේය.

    පැවැති පළාත් සභා ඡන්දවල දී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම ලක්ෂ පනස් අටේ සිට ලක්ෂ පනස් එක දක්වා පහත වැටුණ බව ද මෙහිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    මිලිටරි නායකත්වය ඊටත් අඩුවෙන් පහළ මට්ටමකට වැටෙන බව ද ප්‍රකාශ කළේය. අධිකරණයේ නඩු පැවරීම් විවිධ උදවිය සිදු කරන බවත් ඒවා වළක්වා ගැනීම පක්ෂයට හෝ පෙරමුණට කළ නොහැකි බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    ඇමැතිවරයා සහ මන්ත්‍රීවරුන් මේ අදහස් පළ කළේ ඊයේ (04) කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 08:36

    Latest News